එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, ලංකා බැංකු තුරුණු දිරිය ණය ලබාදීමේ වැඩසටහනෙන් පෙරමුණ ගැනීමට සබරගමුව පළාත සමත්වී තිබෙනවා.
තරුණ ව්‍යවසායකයින් නගාසිටුවීමේ අරමුණින් ආරම්භ කෙරුණු තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මේ වනවිට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මේ වනවිට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදුන් පළාත ලෙස සබරගමුව පළාත පෙරමුණට පත්වුණා. ඒ ව්‍යවසායකයින් 96 දෙනකු අතරේ ණය ලබාදීමත් සමගයි.
මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායකයින් 77 දෙනෙකු වෙත ණය ලබාදෙමින් වැඩිම ණය ප්‍රමාණයක් ලබාදුන් දිස්ත්‍රික්කය ලෙස තේරී පත්වී තිබෙනවා.
තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් 483 දෙනෙකු අතරේ රුපියල් විසිකෝටි පනස්අට ලක්ෂ හැටනවදහස් හයසිය විසිඅටක් ණය මුදල් ලෙස බෙදාදී තිබෙනවා.
ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල මූලිකත්වයෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.