fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සමඟ විදේශීය කාන්තාවක් ඇතුලු තුන් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:22

මත්ද්‍රව්‍ය සමඟ විදේශීය කාන්තාවක් ඇතුලු තුන් දෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟතබා ගත් විදේශ්‍රීය කාන්තාවක් සහ ශ්‍රී‍්‍ර ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ්‍රීය කාන්තාව අත්අඩංගුවට පත්වුණේ තංගල්ල මැදකැටිය ප‍්‍රදේශයේදී.

ඇය සතුව තිබී කොකේන් ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රෑම් 180 ක් සහ හෂීස් ග‍්‍රෑම් 5 යි මිලිග‍්‍රෑම් 740 ක ප‍්‍රමාණයක් සොයාගත් බවයි තංගල්ල පොලීසිය සඳහන් කළේ.

ඊශ‍්‍රායල ජාතික එම කාන්තාව අද තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 102 යි මිලිග‍්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. කොළඹ අපරාධ කොට්ඨාසයයි වැටලීම සිදුකළේ.

ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචි ඔහුගේ වයස අවුරුදු 51 ක්. සැකකරු ඉදිරිපත් කෙරෙන්නේ මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයටයි.

පිටකොටුව බැස්ටියන් මාවතේදී ද පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වුණේ හෙරොයින් ග‍්‍රෑම් 24 යි මිලිග‍්‍රෑම් 600 ක් සමඟයි. අවුරුදු 23 ක් වූ ඔහු හොරණ පදිංචිකරුවෙක්. පිටකොටුව පොලීසියයි වැටලීම සිදුකළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්