fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් සහ කිම් සාකච්ඡා ගැන ධවල මන්දිරයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:23

ට්‍රම්ප් සහ කිම් සාකච්ඡා ගැන ධවල මන්දිරයෙන් නිවේදනයක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග දෙවන වටයේ සාකච්ඡා පෙබරවාරි මාසයේ අග සතියේදී පවත්වන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

උතුරු කොරියානු නියෝජිතයෙකු වන කිම් යොන් චොල් සහ ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී හමුවුණා. එම හමුවෙන් පසුවයි ධවල මන්දිරය මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ.

උතුරු කොරියා නියෝජිතයා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ලිපියක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත භාරදී තිබෙනවා. කෙසේ වෙතත් දෙවන හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබදව මෙතෙක් නිවේදනය කර නැහැ.

දෙරට අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය වසරේ ජුනි මාසයේ සිංගප්පූරුවේදී පැවැත්වුණා. සාකච්ඡා හේතුවෙන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය මේ වනවිට අවම වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්