හුංගම රන්න නිදහස්ගම ප්රදේශයේදී සිදු වු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තංගල්ල සිට හුංගම දෙසට ධාවනය වූ ටීපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටිමෙනුයි මෙම අනතුර සිදුවුණේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රන්න රෝහලට ඇතුලත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු තිස් හතරක් වන රන්න ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.
මේ අතර අගුණුකොළපැලැස්ස ඇඹිලිපිටිය මාර්ගයේ බිංකම හන්දිය ප්රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අවුරුදු 22 සහ 15 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකුයි මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ. අගුණුකොළපැලැස්ස පොලීසිය මේ සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.