ඩොලර් කෝටි සියයක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණයකර තිබෙනවා. එය 2019 පලමු කාර්තුව අවසන්වීමට පෙර ලබාදීමට චීනය සුදානම් බවයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ.
ඉදිරි මාසවලදී ණය වාරික ගෙවීම සදහා මෙම ණය මුදල සහනයක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ. චීනය ලබාදීමට නියමිත ඩොලර් කෝටි සියයක මුදලින් කෝටි තිහක් මේ මාසය අවසන්වීමට පෙර ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.