fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 17:52

එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ඔස්ටෙ‍්‍රිලියාවට එරෙහි එක්දින ක‍්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ තුන්වන තරගය කඩුලු හතකින් ජයග‍්‍රහණය කරමින්.

කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව මුලින් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් ඔස්ටෙ‍්‍රිලියා කන්ඩායම පන්දුවාර 48 යි පන්දු හතරකදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 230 ක්. යූෂ් වෙන්ද්‍ර චාහල් කඩුලු හයක් බිදහෙළීමට සමත්වුණා. පිලිතුරු ඉණිම ක‍්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු දෙකකදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 234ක් ලබාගනිමින් ජයග‍්‍රහණය වාර්තාකළා. මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 87යි. දෝණි තරගාවලියේ වීරයා ලෙස නම්කෙරුණා. යූෂ් වෙන්ද්‍ර චාහල් තරගයේ වීරයායි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 17:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්