පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අධිකරණ තීන්දුව ප්රකාශයට පත් කිරීමත් සමග ලේක්හවුස් ආයතනය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් එම ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණා.
නාගරික මන්ත්රීවරියක් සහ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ද ඒ අතර වනවා.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සිදු කර පෙබරවාරි 22 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා කොටුව පොලීසියට නියෝග කළා.