fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා තිස්සමහාරාම වැල්ලවායත් බිලිගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 16:56

සේනා තිස්සමහාරාම වැල්ලවායත් බිලිගනී

සේනා දළඹුවා තිස්සමහාරාම බෙරලිහෙල හා රන්මිනිතැන්න ආදී ප්‍රදේශවල බඩඉරිඟු වගාවට ද ශීඝ්‍රයෙන් හානි සිදු කරමින් පවතින බව අප වාර්තාකරු පවසනවා. මෙම ව්‍යසනයට ලක් වූ බෝග වගාවන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ.

බෙරලිහෙල සහ රන්මිනිතැන්න යන ප්‍රදේශවල ගොවීන් ප්‍රකාශ කරන්නේ තම බඩඉරිඟු වගාවේ බීජ පැළ වීමේ සිටම මෙම දළඹුවා හානි සිදු කරන බවයි. බඩඉරිඟු වගාවට සිදුවන මෙම හානිය වේගවත් වී ඇති බව ද ඔවුන් කියාසිටිනවා.

වැල්ලවාය ප්‍රදේශයට ද සේනා දළඹු උවදුර පැමිණ ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

සේනා දළඹු මර්දනය සඳහා විෂ සහිත කෘමිනාශක හඳුනාගෙන ඇතත් ඒවා භාවිත කිරීමෙන් ගොවීන්ට මෙන්ම කෘෂිබෝග පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍යයට ද තර්ජනයක් විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. කෙසේ වුව ද හානියට පත් වගා සඳහා රක්‍ෂණ වන්දි ලබා දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

මේ අතර සේනා දළඹු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහාය ලබා දෙන බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්