පළාත් සභා කිහිපයක කාලය ඉකුත්වී ඇති බැවින් කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/aPtWFxrAs3U”]
මේ අතර දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය තුළ වෙනම ඒකකයක් පිහිටුවා ඇති බව ද අද(18) පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6JRRJk_NGiw”]