fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වොෂින්ටන් නුවරට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:14

කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වොෂින්ටන් නුවරට

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වන එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී කිම් යොන් චොල් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණියා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන වටයේ සාකච්ඡා සදහා අවශ්‍ය පසුබිම සූදානම් කිරීම සදහායි කිම් යොන් චොල් ඇමෙරිකාවට පැමිණියේ. දෙවන වටයේ සාකච්ඡා වියට්නාමයේ දී පැවැත්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවීමට ද නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්