අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය කෘතිය චීන භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. සම්පත් බණ්ඩාර විසින් රචිත එම චරිතාපදානය කෘතියේ චීන පරිවර්තනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය කෘතිය චීන බසට පරිවර්ථනය කර ඇත්තේ මහාචාර්ය චං යූ මහත්මිය සහ මහාචාර්ය යින් ජින්ශන් මහතායි. චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය වන බෙයිජින් හි යැන්ශි මුද්‍රණාලය සහ ශ්‍රි ලංකාවේ සරසවි ප්‍රකාශකයන් විසින් එය ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙනවා.
ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබද සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම කෘතිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂ අයිවෙයි මහත්මිය කියා සිටියේ චීනය පුරා පිහිටි තම ආයතනයේ අලෙවිසල් හා පුස්තකාල මගින් මෙම කෘතිය ජනතාව අතරට ගෙන යන බවයි.
චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය එක්ව ශ්‍රී ලංකා චීන විශ්ව කෝෂයක් සැකසීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ වන විට අදාල චීන ආයතනය ඉන්දියාව සමග එක්ව ඉන්දු චීන විශ්ව කෝෂයක් සකස්කර තිබෙනවා.
ශ්‍රී ලංකා චීන විශ්ව කෝෂය පිළිබද දෙරටේ විද්වතුන් සහ වෘත්තිකයන් අතර සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එම සාකච්ඡා හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත බවයි සරසවි ප්‍රකාශන අධිපති එච් ඩී ප්‍රේමසිරි මහතා මෙහිදී සදහන් කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/a2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/6I5A6913.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/as7.jpg”]