උතුරේ සහ දකුණේ සියලු ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියාසිටියා.
මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
https://www.facebook.com/itnnews.lk/videos/1930818923702188/