fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 11:13

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නීතිවිරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මේවන විටත් ක්‍රියාත්මකයි. ජනවාරි පළමුවනදා සිට මාර්තු 31 වනදා දක්වා මාස තුනක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.

මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මකවන කාලය තුලදී නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙනවා. ඒ පොලිස් ත්‍යාග අරමුදලෙන්. එම අත්අඩංගුවට ගැනීම කළ දින සිට සති දෙකක් ඇතුළත ගෙවීම් කළ යුතු බවටයි පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ටී 56 අවියක් සදහා සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නේ නම්, එම පොලිස් නිලධාරියාට රුපියල් පනස් දහසක ත්‍යාගයක් පිරිනැමෙනවා. එහිදී පෞද්ගලික ඔත්තු කරුවෙකුට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් විසිදහසක්. සැකකරුවෙකු නොමැතිව ගිනි අවියක් අත්අඩංගුවට ගන්නා විට පොලිස් නිලධාරියාට රුපියල් දස දහසක් ද පෞද්ගලික ඔත්තුකරුවාට රුපියල් පන්දහසක් ද ගෙවීමට නියමිතයි.

විදේශයන්හි නිශ්පාදිත නිශ්චිතව සදහන් කර නැති ස්වයංක්‍රීය ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරියාට රුපියල් හැට දහසක් ද පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් විසිපන්දහසක් ද පිරිනැමෙනවා. සැකකරුවෙකු නොමැති විට එම මුදල පොලිස් නිලධාරියා සදහා රුපියල් පහලොස් දහසක්. පෞද්ගලික ඔත්තුකරුවන් සදහා රුපියල් හත්දහස්  පන්සීයක්.

විදේශියන් හි නිශ්පාදිත පතොරම් තුවක්කු, පිස්තෝල, රිවෝල්වර, විදේශයන් හි නිශ්පාදිත ස්වයංක්‍රීය නොවන අවි සහ මෙරට නිශ්පාදිත ඕනෑම තුවක්කුවක් අත්අඩංගුවට ගැනීමක දීද මුදල් ත්‍යාග පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo