fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදි හොරු 4 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 10:49

යතුරුපැදි හොරු 4 දෙනෙකු අත්අඩංගුවට

යතුරුපැදි සොරකමේ නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ ඒකකය සමත් වුණා.

සැකකරුවන් යතුරුපැදි සොරාගෙන ඒවා කොටස්වලට වෙන්කර විවිධ ස්ථානවලට විකුණා තිබෙනවා.

යතුරුපැදිවල ඇතැම් කොටස් යකඩවලට විකුණා ඇති අතර චැසි අංකය සහිත එන්ජින් කොටස් ජලයේ ගිල්වා දමා තිබෙනවා.

ඒ අනුව කලුගගේ අතු ගංගාවක් වන කොහොලාන ඇලේ තිබියදී එන්ජින් කොටස් කිහිපයක් සොයා ගැනීමට ද හැකිවුණා.

මොවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව කළුතර මොරොන්තුඩුව ප්‍රදේශවල යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථාන දෙකක හිමිකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

මෙම පුද්ගලයන් පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මෙම සොරකමේ නිරතවී ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්