කොලොම්බියාවේ බොගොටා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් දස දෙනෙක් මියගියා. තවත් 54 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
පොලිස් ශිෂ්‍ය භට පාසලක් අසළ පිපිරීම සිදුවුණා.
මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බවයි කොලොම්බියා ආරක්ෂක අංශ පවසන්නේ.
සිද්ධිය භෙළාදකින බව නිවේදනයක් නිකුත් කරමින් කොලොම්බියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.