මේ වසරේ ශ්‍රී‍්‍ර ලංකාවට ලබාදෙන හජ්ජි කෝටාව ඉහළ දැමීමට සවුදි රජය තීරණය කර තිබෙනවා.
මීට පෙර ශ්‍රී‍්‍ර ලංකාවෙන් හජ්ජි වන්දනාවට එක්වූ බැතිමතුන් සංඛ්‍යාව 2800 ක්.
මෙවර එය 3500 ක් දක්වා ඉහළ දමා ඇති බවයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කළේ.
ඒ සම්බන්ධයෙන් සවුදියේ හජ් කටයුතු භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුණා.
වන්දනා සමය ආරම්භ කිරීමෙන් පසු තත්වය සළකා බලා කෝටාව තවදුරටත් වැඩි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.