fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 16:54

රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර නැහැ

රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට සියලු වාහන සදහා කාබන් බද්ද ක්‍රියාත්මකයි. රජයේ වාහන ද ඊට ඇතුළත්. මෙම බද්දෙන් නිදහස් කර ඇත්තේ විදුලිබලයෙන් ක්‍රියාත්මක වාහන පමණි. රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට පළවූ වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේ දී හැර වාර්ෂිකව අදායම් බලපත්‍රය අලුත්කරන අවස්ථාවේ මෙම බද්ද අයකරනු ලබනවා. වාහනයක එන්ජිත් ධාරිතාවය පදනම් කර ගනිමින් ඝන සෙන්ටිමීටරයක් සදහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද අය කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්