තුර්කි ජාතික පැසිපන්දු ක්‍රීඩකයකු අත්අඩංගුවට ගැනීම සදහා එරට අධිකරණයක් විසින් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා.
26 හැවිරිදි ඉනෙස් කැන්ටර් නැමැති මෙම ක්‍රීඩකයා ඇමෙරිකා ක්‍රීඩා සමාජයක සාමාජිකයකු වනවා. ඔහු මේ වන විට ඇමෙරිකාවේ රැදී සිටින බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රීඩකයා 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. ඒ හේතුවෙන් ඔහු මෙස් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම ක්‍රීඩකයා සන්නද්ධ සංවිධාන සමග සබදතා තිබෙන බව ද හෙලි වී තිබෙනවා. 2017 වසරේදී ඔහුගේ තුර්කි ගුවන් ගමන් බලපත්රයද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. තුර්කි ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයට අදාළව පුද්ගලයින් පනස්දහසකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.