fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උපාධිධාරින් තුන් දහසක් ගුරු සේවයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 12:01

තවත් උපාධිධාරින් තුන් දහසක් ගුරු සේවයට

තවත් උපාධිධාරීන් තුන් දහසක් ගුරු සේවයට බදවා ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. ඒ පලමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය අමතමින්. ගිරිඋල්ල ගනේගොඩ ප‍්‍රාථමික විද්‍යාලයේදී උත්සවය පැවැත්වුණා.

අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහල නැංවීම සදහා වැඩපිළිවෙළ රැසක් ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. ප‍්‍රාථමික අධ්‍යාපන අංශ ක‍්‍රියාත්මක වන පාසල් 9193 කදී පලමු ශ්‍රේණියට සිසුන් බදවා ගැනීම අද (17) සිදුවුණා. සෑම වසරකම තුන්ලක්ෂ හතලිස් දහසකට ආසන්න සිසුන් පිරිසක් පලමු ශ්‍රේණියට ඇතුලත් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. සිසුන් බදවා ගැනීමට සමගාමීව විශේෂ රුක් රෝපණ වැඩසටහනක්ද පාසල් ආශ‍්‍රිතව ක‍්‍රියාවට නංවා තිබෙනවා. ” එකට වවමු එකට වැඩෙමු” යන්න තේමාව යටතේ දරුවන් රුක් රෝපණය සදහා යොමුකිරීමේ ආකල්පමය වර්ධනයක් ඇතිකිරීමයි අරමුණ වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්