හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 22වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ත්ර්රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.
ඒ රාජපක්ෂ මහතා ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (17) පෙනී සිටි අවස්ථාවේදී. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙය ගොනුකර තිබෙන්නේ මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන33 ක මුදල් අවභාවිතයක් සිදුවීම සම්බන්ධයෙන්. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න , චම්පා ජානකී ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැනෙනවා.