fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 09:38

කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විදානයට අනුයුක්ත නාවිකයන් පිරිසකුයි වැටලීම සිදු කළේ.

පුත්තලම පාලවිය ප්‍රදේශයේදී සැකකරු සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනුණේ ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීයි.

ප්‍රවාහනයට යොදා ගත් ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනුණා. සැකකරු සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සදහා පුත්තලම මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්