අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් පසුගිය වසර හතර තුළ රජය රුපියල් බිලියන 1300ක් යෙදවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සබරගමුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුර මහ සමන් දේවාලය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවුණා. සබරගමුව දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අමිතාගොඩ ඉන්ද්‍රරතන ස්වාමින්වහන්සේ මෙහිදී විශේෂ බෝධිපූජා පිංකමක් පවත්වා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද පළකළා. රත්නපුර මහරෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා එක්වූයේ ඉන් අනතුරුවයි. රෝහලේ වාට්ටු කිහිපයක් වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි කටයුතු පිළිබදව ද සොයා බැලුවා
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සිසු අයිතියට පත් කිරීම ද සිදුවුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා සිසුසිසුවියන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් දැනටම බදවාගෙන තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව රත්නපුර මහරෝහලේදී ලබාදීමට නියමිතයි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cC80IsnoAqg”]