fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මානසිකත්වයකින්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 18:40

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මානසිකත්වයකින්

ඕස්ට්‍රේලියා කණ්ඩායම  සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයගැනීම සදහා  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොද මානසිකත්වයකින් සිටින බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර තුන්දින පුහුණු තරගය හෙට හෝබාර්ට් හිදි ආරම්භ වීමට නියමිතයි. තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ලබන 24 වනදා ආරම්භ වනවා. මෙම තරගාවලිය ජයගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක පළමු ඉනිමේදී ලකුණු 300කට වඩා රැස්කර ගත යුතු බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. කෙසේ වෙතත් දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් තරග 13 කදී ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 300 සීමාව පසුකර ගොස් ඇත්තේ ඉනිම 04 ක දී පමණයි. නවසීලන්ත  ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා මෙම තරගාවලියේදී තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බවයි නායක  චන්දිමාල් පවසන්නේ. මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග  පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ ඕස්ට්‍රේලියාව තුළදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ජයක් ලැබූ පළමු ආසියා රට බවට පත්වෙමින්. දෙරට අතර පැවති ටෙස්ට් තරග 04දී  ඉනිමක ලකුණු 300 සීමාව පසුකිරීමට ඕස්‍ට්‍රේලියා කණ්ඩායම සමත් වුණේ එක් ඉනිමකදී පමණයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 18:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්