පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද පස්වරුවේ සිදුවුණා. එහිදී දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණගැන්වීම සදහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර හමුව සිදුවුණේ එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් හිදීයි.
පිලිපීන ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදුවූ අතර කුඩා දරුදැරියන් ශ්‍රී ලංකා හා පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියා. සංස්කෘතිකාංග රැසකින්ද පිළිගැනීමේ උත්සවය වර්ණවත් වුණා.
රාජ්‍ය නායක දෙපල අතර සුහද කතාබහකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළා. දෙරටටම ප්රතිලාභ ලැබෙන අයුරින් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබද නායකයින් පුළුල් ලෙස සාකච්ඡා කළා.
කොළඹ නගරයේ පිලිපීන තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවදානය යොමු කෙරුණේ එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සදහායි. එමෙන්ම දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්රයේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරුණා. පිලිපීන ජනාධිපතිවරයා සදහන් කළේ කෘෂිකාර්මික තාක්ෂණික පුහුණු කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවයි.
දෙරට අතර ගුවන් ගමන් සේවා වැඩිදියුනුකර ගැනීම පිළිබදවද රාජ්‍ය නායකයින්ගේ අවදානය යොමුවූ අතර ඒ පිළිබද සොයා බැලීමට මාර්තු මාසයේ දී පිලිපීන නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එරට ජනාධිපතිවරයා සදහන් කළා.
රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික,සංචාරක, කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාව ඉහළ නංවාගැනීම පිළිබද අත්සන් තැබුණු මෙම නව අවබෝධතා ගිවිසුම් සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය ඊට අත්සන් තැබුවා.
පිලිපීන ජාතික වීරයින්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා එක්වුණා. එම ස්මාරකය ස්ථාපිත කර ඇත්තේ මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන රීසල් පාර්ක් හියි.