fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යය රජයට එරෙහිව විශ්වාසභංගයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 18:12

බ්‍රිතාන්‍යය රජයට එරෙහිව විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී එරට අගමැතිනි තෙරේසා මේ දරුණු පරාජයකට ලක්වුණා. ඒ සමගම ඇයගේ රජයට විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමටද සිදුව තිබෙනවා.

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයේ ප්‍රධානී ජෙරමි කෝබින් අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද රාත්‍රි 07.00 ට පැවැත්වීමට නියමිතයි. එම විශ්වාසභංග යෝජනාවේදී අගමැතිනියගේ රජය පරාජය වුවහොත් මහමැතිවරණයක් පැවැත්විය යුතු වනවා. ඊයේ දිනයේ පැවති බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළ ඡන්ද විමසීමේදී බ්‍රෙක්සිට් ගිවිසුම  ක්‍රියාත්මක කිරීමට පක්ෂව ඡන්ද 202ක් ලැබී තිබූණා. විරුද්ධව ප්‍රකාශකර තිබූණේ ඡන්ද 432 ක් පමණයි. ඒ අනුව බ්‍රිතාන්‍ය අගමැතිනියගේ බ්‍රෙක්සිට් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ඡන්ද 230 කින්  පරාජයට පත් වුණා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පාලක පක්ෂයක් දරුණු පරාජයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. ***

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්