හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබාදුන්නේ. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කිරීමයි ඔහුට එරෙහි චෝදනාව. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ද ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.