ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා වැඩ භාරගත්තා.
වැඩභාර ගැනීමේ උත්සවය පැවැත්වුණේ එම විශ්වවිද්‍යාල පරීශ්‍රයේදීයි. නව උපකුලපතිවරයා පිළිගැනීම සදහා ආචාර පෙලපාලියක්ද පැවැත්වුණා. නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් අයි.පී.රණසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිද හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.