කෙන්යාවේ නයිරෝබි නුවර ආරක්ෂාව වැඩිකර තිබෙනවා.
ඒ සුඛෝපභෝගී හෝටලයකට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව. 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා සදහන් කළේ. තවත් තිහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. සෝමාලියා අල් ෂබාබ් කැරලිකරුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. හෝටලය පුරා සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.