fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව මාර්තු 28 වනදාට කල්යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 13:04

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව මාර්තු 28 වනදාට කල්යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු 28 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළා.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කලැයි බැසිල් රාජපක්ෂ හා අමිත කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා. ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ ඇතැම් ලේඛන විත්ති පාර්ශ්වයට තවමත් ලැබී නැති බැවින් නඩුව කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36 ක මුදලක් වැය කරමින් ජී අයි බට මිලදී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරිය බවටයි සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්