මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකළ අභියාචනා පෙත්සම කැඳවීම ලබන 06 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
මෙම අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් ඔවුන් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති රීට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අපේක්ෂා කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. එම රීට් පෙත්සම් ඉල්ලා අස්කරගතහොත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයද ඔවුන්ගේ අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව එම පාර්ශ්වයේ නීතීඥවරුන් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව අභියාචනා පෙත්සම් පෙබරවාරි 6 වනදා කැඳවීමට දින නියම කෙරුණා.