ඉසෙඩ් ඩී ඇලට ඇද වැටුනු වන අලියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා.
වැලිකන්ද සිංහපුර ප්රදේශයේදියී වනඅලියා ඇලට ඇද වැටී තිබෙන්නේ. අධික වර්ෂාව මධ්‍යයයේ වන අලියා ගොඩට ගැනීමට වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් මහත් පරීශ්‍රමයකින් කටයුතු කළා.
පැය 07 ක පමණ මෙහෙයුමකින් අනතුරුව අලියා බේරාගෙන සිංහපුර රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කෙරුණා. මෙම සතිය ඇතුළත වනඅලින් දෙදෙනෙකු මෙසේ ඉසෙඩ් ඩී ඇලට ඇද වැටුණු බවයි වනජීවි නිලධාරීන් සදහන් කරන්නේ.