මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබෙනවා.
” එකට වවමු එකට වැඩෙමු” ලෙසයි එය නම්කර තිබෙන්නේ. උත්සවය හෙට පෙරවරුවේදී පැවැත්වෙන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදීයි.