fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනතුරුවලින් 7ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 11:00

අනතුරුවලින් 7ක් ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාදුක්ක, මීගොඩ, වටරැක, කොස්හේන දුම්රියපොල ඉදිරිපිටදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මාස තුනක බිළඳෙකු මියගොස් මව සහ පියා තුවාල ලබා තිබෙනවා. මවගේ පාදය බිඳී ඇති අතර ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෝටර් රථයේ රියදුරා බීමත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් එම රියදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය කටයුතුකළේ.

පොළොන්නරුව, අරලගන්විලදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. කොස්වත්ත, කටුවන, රඹුක්කන හා එරාවුර් යන ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු 4 කින් තවත් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්