fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා මර්දනයට ලක්ෂ 500 ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 09:03

සේනා මර්දනයට ලක්ෂ 500 ක්

සේනා දළඹු මර්දනයට රජය රුපියල් ලක්ෂ 500 ක මුදලක් වෙන්කර තිබෙනවා. රසායන තුනක් හඳුන්වාදී ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ.

සේනා දළඹු මර්දන මෙහෙයුම අද ආරම්භ වූ අතර එය ලබන 31 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාවට නැංවීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා ඇත්තේ. සේනා දළඹු මර්දන මෙහෙයුම ගොවීන්ගේ ද සහාය ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. උතුරුමැද ඇතුළු දළඹු තර්ජනයට ලක්ව ඇති සියලු ප්‍රදේශ ආවරණය කරමින් මෙය ක්‍රියාවට නැංවීමටයි සැළසුම්කර ඇත්තේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, තුරුවිල, හොරොව්පතාන ආදී ප්‍රදේශවල බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් දැඩි තර්ජනයක් එල්ලවී තිබෙනවා. අක්කර 500 ක පමණ වගාව මේ වනවිටත් විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. වගා හානි වෙනුවෙන් යම් සහනයක් තමන්ට සළසා දෙන මෙන් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo