බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී එරට අගමැතිනි තෙරේසා මේ දරුණු පරාජයකට ලක්වුණා.
බ්‍රෙක්සිට් ගිවිසුමට පක්ෂව ඡන්ද ලැබී තිබුණේ 202 ක් පමණයි. ගිවිසුමට විපක්ෂව ප්‍රකාශකර තිබූ ඡන්ද සංඛ්‍යාව 432 ක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පාලක් පක්ෂයක් දරුණු පරාජයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඡන්ද විමසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය විපක්ෂය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. ඊට අදාළ ඡන්ද විමසීම හෙට(17) පැවැත්වීමට නියමිතයි.