මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ වුණා. යුද හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායයි එය මෙහෙය වන්නේ.
පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වළක්වා ගැනීමයි මෙහි මුලික අරමුණවී තිබෙන්නේ. පාසල් 6312ක් ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරිමේ වැඩසටහන් ආරම්භ වුණා. ශිෂ්‍ය නායකයන්, බාල දක්ෂ කණ්ඩායම් සහ ශිෂ්‍ය භටයින්ට නිවාරණ වැඩසටහන සඳහා පුහුණුවක් ලබාදෙන බවත් යුද හමුදාව ප්‍රකාශ කළා.