fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රමිතියෙන් තොර රියදුරු පාසල් වැටලීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 09:04

ප‍්‍රමිතියෙන් තොර රියදුරු පාසල් වැටලීම ඇරඹෙයි

ප‍්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන රියදුරු පාසල් වැටලිම අද සිට ආරම්භ කරන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කළා.

ප‍්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි කර නොමැති රියදුරු පාසල් දිවයින පුරා පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ විශේෂ අවධානය යොමු වුණා. රිය අනතුරු ඉහළයාමටත් එවැනි පාසල් හේතුවකි. ඒ අනූව පොලිසිය සමඟ එක්ව මාර්තු මස අවසානය තෙක් වැටලිිම සිදුකරන බවයි කාර්යාලය සඳහන් කළේ. නීති විරෝධි ලෙස රියදුරු පාසල් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටත් කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්