fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා – පිලිපීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 08:53

ශ‍්‍රී ලංකා – පිලිපීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා අද

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා හා පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වෙනවා.

ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ආරක්ෂක, අධ්‍යාපන සහ කෘෂිකර්ම අංශ ද ඊට අයත් වන බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේ.

මැනිලා නගරයේ ස්ථාපිතව ඇති ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන බලධාරින් සමඟ ද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්