වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගරය සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන්කර තිබෙනවා.
ඒ අනුව අද වැලි කැනීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් නෞකාව වරාය නගර භූමියෙන් සමුගත්තා. මේ පිළිබද වාර්තාව ගෙන එන්නේ අප නියෝජිත ඉදුනිල් අතපත්තු.
අමාත්‍ය පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන්,පෝර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජියැං හවුලියැං යන මහත්වරුන්ගේ මූලිකත්වයෙනුයි අද ගොඩකිරීමේ කටයුතුවල සමාප්තිය සනිටුහන් කෙරුණේ. හෙක්ටාර 269 ක බිම් ප්‍රමාණයේ පිළිසැකසුම් මේ වනවිට සම්පූර්ණ කර තිබෙනවා.
ව්‍යාපෘති සමාගම ගොඩකිරීමේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය අවසර ගැනීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුකර තිබුණා. එම සමස්ත ක්‍රියාවලිය වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංවර්ධන බලපත්‍රයට අනුවයි සිදුකර තිබෙන්නේ. වැලි කැනීමේ මෙහෙයුම් ඉතාමත් තිරසාරාත්මකව සිදුකළ බවයි වරාය නගර ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා සදහන් කළේ. මාස 28 ක අකාලයක් තුළ සිදුකළ වැලි කැනීමේ මෙහෙයුම් සදහා ඉතා උසස් නවීන තාක්ෂණික මෙවලම් භාවිතකර තිබුණා. නව නගරයේ දෙවන අදියර සදහා ද මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි ගොඩකිරීමේ කටයුතු අවසන් කිරීම සනිටුහන් කරමින් අදහස් පලකළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/aCzmkUmMWXk”]