අනවසර සංක්රමණිකයන්ගේ පැමිණීම වැලැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙළක් ක්රියාත්මක බව ඇමරිකාව ප්රකාශකළා. මෙක්සිකෝ දේශසීමාව සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුව තිබෙනවා.
පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී ගැටුම් හටගත්තා. ඒ සංක්රමණිකයන් හා දේශසීමාවේ රදවා සිටින ආරක්ෂක අංශ නියෝජිතයන් සමඟයි. අමතර පොලිස් බලකායක්ද යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඔවුන්ට විශේෂ පුහුණුවක් ද ලබාදුන් බවයි ඇමරිකා බලධාරින් සදහන් කළේ. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට ඔවුන් පියවර ගත්තා.