කෘෂි භෝග රැසකට හානි සිදු කරන සේනා දළඹුවා වෛරසයක් යොදා ගනිමින් මර්දනය කිරීම සම්බන්ධයෙන් පර්යේෂන ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය තොරතුරු මේ වන විට රැස් කරන බවයි රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂිපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරය සරත් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.
බඩඉරිගු ඇතුළු කෘෂි බෝග කිහිපයකට හානි සිදු කරන සේනා දළඹුවාගේ ව්‍යාප්තිය පිළිබද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. සේනා දළඹුවා ශාක පත්‍රවල යට කොටසේ බිත්තර තැම්පත් කිරීමත් සමග ව්‍යාප්තිය සිදු වන බවයි හදුනාගෙන තිබෙන්නේ. බඩඉරිගු වැනි භෝගවල ඉහළ පත්‍රවල දළඹුවාගේ ව්‍යාප්තිය දැක ගත හැකියි. උදෑසන කාලයේ දහයියාඅලු බෝගවලට යෙදීමෙන් මෙම දළඹුවා යම්තාක් දුරකට පාලනය කිරීමට හැකි බව සොයාගෙන තිබෙනවා. මෙම දළඹුවා ව්‍යාප්ත වී ඇති භෝග පුළුස්සා විනාශ කළ යුතුයි. පෙරොමෝන් උගුලද සේනා දළඹු ව්‍යාප්තිය පාලනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුව පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=jesBHJfRSlc&feature=youtu.be&fbclid=IwAR0dHNAxI0GukVnjLIP-uqdUXxWMV16duh_oAZMK1FZboKYJGKxczXqxXic”]
මේ අතර සේනා දළඹවුන් සහිත බඩඉරිගු තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. සේනා දළඹුවන් සහිත බඩඉරිගු තොගයක් නුවරඑලිය වටවල ප්‍රදේශයේ කිරි ගවයන් ගේ ආහාර සදහා ගෙන යන බවට පොලීසියට තොරතරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමේදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගැනුණේ. සේනා දළඹුවන් සහිත බඩඉරිගු නුවරඑලිය ප්‍රදේශයට රැගෙන ගියේනම් ප්‍රදේශයේ එළවළු ඇතුළු වගාවන්ට හානි සිදු වීමේ අවධානමක් පැවති බව පොලීසිය ප්‍රකාශ කළා.