අමාත්‍ය මංගල සමරවීර මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර සාකච්ඡාව අද ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිතව තිබී නතර කොට ඇති ණය මුදල ආපසු ලබාගැනීම මෙහි අරමුණයි. ශ්‍රී‍්‍ර ලංකා රුපියල අව ප්රමාණයවීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන ද අවධානය යොමුවුණා. ඇමරිකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අද දක්වා කල්දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්යක්ෂ සහ නියෝජ්‍ය කළමනාකර අධ්යක්ෂ ඇතුලු නිලධාරීන් සමඟයි ශ්‍රී‍්‍ර ලංකා දූත පිරිස සාකච්ඡා කරන්නේ. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමත් එහි අරමුණක්.