ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා.
හඟුරන්කෙත පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීම් සිදුකර තිබෙන්නේ හඟුරන්කෙත නගරයේදී. ඒ සුඛෝපබෝගී මෝටර් රථයකින් ගංජා තොගය ප්රවාහනය කරමින් තිබියදී. ඔවුන් ළඟ තිබී ගංජා කිලෝග්රෑම් තුනක් හමුවුණා. සැකකරුවන් වලපනේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.