බ්‍රිතාන්‍ය ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් අද එරට පාර්ලිමේන්තුවේ ඡන්දය පැවත්වෙනවා.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගෙන ආ මෙම යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක දිනය අදයි. මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ සදහා සූදානම් වන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. දින 05 ක් පුරා එරට පාර්ලිමේන්තුවේ බෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් විවාද පැවැත්වුණා. අද එහි තීරණාත්මක දිනයයි. එරට පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ දරුණු පරාජයකට පත්වනු ඇති බවයි විපක්ෂය සදහන් කරන්නේ. බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද අගමැතිනී තෙරේසා මේ ගේ ගිවිසුම් ප්‍රතික්ෂේප කරනු ඇති බවයි විදෙස් විචාරකයින් සදහන් කරන්නේ. කෙසේ වෙතත් අගමැතිනී තෙරේසා මේ සදහන් කරන්නේ මන්ත්‍රීවරුන් ඇයගේ ගිවිසුම් ප්‍රතික්ෂේප කළහොත් එය බ්‍රිතාන්‍ය ජනතාව පහළට ඇද දැමීමක් වන බවයි. යම්හෙයකින් ගිවිසුම ප්‍රතික්ෂේප වුවහොත් යුරෝපා සංගමයෙන් තවත් සහන කොන්දේසි ඉල්ලා සාකච්ඡා කිරීමට ඇය බලාපොරොත්තු වන බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. පාර්ලිමේන්තුවේදී අද පවතින ඡන්දයෙන් පරාජය වුවහොත් අගමැතිනියට ඉල්ලා අස්වීමට සිදු වන බවද විදෙස් විචාරකයින් සදහන් කරනවා.