fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොවපුරා හින්දු බැතිමත්හු තෛයිපොංගල් සමරති

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 08:48

ලොවපුරා හින්දු බැතිමත්හු තෛයිපොංගල් සමරති

ලොව පුරා වෙසෙන දෙමළ හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛයිපොංගල් උත්සවය අදයි. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි.

ගොවිතැනින් සරු අස්වැන්නක් ලබාගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැළකීම වෙනුවෙනුයි දෙමළ හින්දු බැතිමතුන් තෛයිපොංගල් උත්සවය පවත්වනු ලබන්නේ. අද දිනයේ හිරු උදාවත් සමඟ තෛයිපොංගල් සැමරීමට දෙමළ හින්දු බැතිමතුන් එක්වුණේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමිනුයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරයි.

මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතින අතර තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.

‘භෝඝි’ ලෙස හදුන්වන උත්සවයේ පළමු දින, ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරණි වස්ත්‍ර හා රෙදිපිළි පුළුස්සා පැරණි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිළිගැනීම ද සමරනු ලබයි.

පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත් , හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීමෙනි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්