fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 09:35

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යයි

නවසීලන්ත ක්‍රිකට් තරග සංචාරය නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා එරටට ගොස් සිටිනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වී තිබෙනවා. දෙරට අතර තුන්දින පුහුණු ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියා සභාපතිවරයාගේ කණ්ඩායම සමගින් හෝබාට් හි දී අනිද්දා ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 24 වනදායි. තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ විශේෂ පුහුණු සැසියකට ඕස්ට්‍රේලියාවේදී එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 09:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්