fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩු ආදායම්ලාභී පවුල් 660 කට රුපියල් ලක්‍ෂ එක්දහස් තුන්සියයක නිවාස ණය

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 19:02

අඩු ආදායම්ලාභී පවුල් 660 කට රුපියල් ලක්‍ෂ එක්දහස් තුන්සියයක නිවාස ණය

ඉඩම් හා නිවාස නොමැති දිළිඳු ජනතාවට ඉඩම් හා නිවාස ලබා දී විශාල ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීමට නිවාස අමාත්‍යාංශයට හැකි වී තිබෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

හම්බන්තොට මෝදරවාන ප්‍රදේශයේ පැවති සැමට සෙවණ නිවාස, ජංගම සේවා මෙහෙවර වැඩසටහනට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ. ජංගම සේවා වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 660 කට රුපියල් ලක්‍ෂ එක්දහස් තුන්සියයක නිවාස ණය ලබා දීම සිදු කෙරෙනවා. විහාරස්ථාන 17 කට කෞතුකාගාර ප්‍රකාශන පොත් කට්ටල ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. හම්බන්තොට ඕකේවෙල ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට රෝගී තත්ත්වයකින් පෙළෙන දැරියක් සඳහා රුපියල් ලක්‍ෂයක් හා පිළිකා රෝගීන් වෙනුවෙන් රුපියල් විසිදහසක් අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දීම ද සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්