fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශෂීට එරෙහිව සාක්‍ෂි දීමට ටිල්වින් හා හඳුන්නෙත්ති සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:31

ශෂීට එරෙහිව සාක්‍ෂි දීමට ටිල්වින් හා හඳුන්නෙත්ති සූදානම්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවතින නඩුවක සාක්‍ෂි ලබා දීම සඳහායි.

ශෂී වීරවංශ මහත්මිය ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දී අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවනු ලැබුවා. එහිදී සාක්‍ෂිකරුවන්ට ලබන මස 6 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි නොතිසි නිකුත් කෙරුණේ. නඩුවට අදාළ ලේඛන කිහිපයක් හඳුනා ගැනීමට අවශ්‍ය බැවින් සාක්‍ෂිකරුවන්ගෙන් සාක්‍ෂි කැඳවීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. සාක්‍ෂි ලැයිස්තුව සංශෝධනය කරමින් පැමිණිලි පාර්ශ්වය මෙම ඉල්ලීම සිදු කළ අතර එහිදී අධිකරණය සාක්‍ෂිකරුවන් දෙදෙනාට නොතිසි නිකුත් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo