ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.
බුදු දහම ලෝකවාසී ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අරමුණින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. එම ජාතික උත්සවය පසුගියදා පැවැත්වුණේ මාතලේ අලුවිහාරයේදීයි. මහා සංඝරත්නයේ උපදෙස් හා මග පෙන්වීම යටතේයි මෙම කටයුතු සිදුකෙරුණේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද සිදුකරන බවට කළ ප්‍රකාශයට අනුව එම යෝජනාව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත් වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුවත් කිරීම ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. ථේරවාදී බෞද්ධාගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊට එක්ව සිටියා. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව එම රාජ්‍ය තාන්ත්‍රිකයින් ප්‍රකාශ කළා.