fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල් අමාත්‍යාංශය ඩොලර් මිලියන දහසක විදේශ ණයක් ගෙවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 17:59

මුදල් අමාත්‍යාංශය ඩොලර් මිලියන දහසක විදේශ ණයක් ගෙවයි

ඇමෙරිකා ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් අද ගෙවා දැමූ බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.

2014 වසරේදී මහින්ද රාජපක්ෂ සමයේ ලබා ගත් ස්වෛරීත්ව බැදුම්කර වෙනුවෙනුයි මෙම විදේශ ණය වාරිකය ගෙවා ඇත්තේ. මහා භාණ්ඩාගාරයෙන් මහ බැංකුව වෙත නිකුත් කළ විදේශ මුදල්වලින් එම ගෙවීම් සිදුකළ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. අප්‍රේල් මස 15 වනදා තවත් ඇමෙරිකා ඩොලර් 500 ක මුදලක් ගෙවීමට නියමිතයි. ඉතිහාසයේ වැඩිම විදේශ ණය මුදල් ප්‍රමාණය මෙම වසර තුළ ගෙවීමට ඇති බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටින්නේ. ඒ ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම නවයක්. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග හෙට සාකච්ඡා කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිතව තිබී නතර වී ඇති ණය මුදල ආපසු ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. ඇමෙරිකා ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනද අවධානය යොමුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo